” බක් මහ ගී කලාව ට එක් වූ “නාරං මල් ගොල්ලේ.. සූරිය සිරි මංගල්ලේ… නාරං මල් ගොල්ලේ..සූරිය සිරි මංගල්ලේ… Melodies of the Summer | Narang Mal Golle… Sooriya Siri Mangalle..” මෙය නව සමයක උදාවකි. එය හිරු බැබළෙන සමයයි; උණුසුමෙන්; සියලු ජීවීන් ජීවයෙන් අවදි ව සූර්යයා සමඟ වැඩෙන විට, වෙන කවරදාටත් වඩා දීප්තිමත් වනු ඇත. එමෙන්ම මෙම සිංහල දෙමළ අලුත් අවුරුදු සශ්‍රීකත්වයේ සමයේ දී ශ්‍රී ලංකාවේ  ජාත්‍යන්තර පාසල් ජාලයක් ලෙස ලයිසියම් ජාත්‍යන්තර පාසල් එකමුතුව විසින් ” නාරං මල් ගොල්ලේ…සූරිය සිරි මංගල්ලේ ” ගීතය ශ්‍රී ලාංකේය ගීත කලාවට එක් කරන්නේ මෙරට බක්මහ ගීත කලාව සුපෝෂණය කිරීමේ අරමුණිනි. මෙම අලුත් අවුරුදු විශේෂ ගීතයේ පද මාලාවේ විවිධ අන්තර් සංස්කෘතික අංග අඩංගු වන අතර එය එහි තේමාවට සමගාමීව තවත් අර්ථ එක් කර එහි කලාත්මක වැදගත්කම ද වැඩි කරයි. සිංහලයන් පමණක් නො ව ශ්‍රී ලංකාවේ දෙමළ සහ ආදිවාසී ප්‍රජාව ද ඇතුළත් වේ. මේ නව අවුරුදු ගීතයට අප රට මුල් බැසගත්, උඩරට, පහතරට හා සබරගමු ගී නාද රටා මෙන් ම දේශීය හා බටහිර බෙර හා ඉන්දීය කංජිරාවේ හඬත් යහමින් මුසු වී නව රසක් මවන්නට ඔවුනට හැකි වී ඇත. මල් පිපී තුරු ඵල දරන, කෙත් සරුසාර වන වසන්තය; සිංහල දෙමළ සංස්කෘතික අනන්‍යතා හා චිරාත්කාලීන එකමුතුව ද අරුත් ගැන්වූ දුමින්ද අලහේන්ද්‍ර මහතාගේ ගීත රචනයත්, විශාරද දිලුම් නිරංජ මහතාගේ ඒ මනරම් සංගීත තනුව ද එක ව, කුරුණෑගල, පානදුර සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල්වල පෙරදිග සංගීත අංශයේ ආචාර්යවරු හා පෙරදිග සංගීත අංශයේ සියලුම සාමාජිකයන්ගේ අපූරු සුසංයෝගයෙන් නිෂ්පාදනය වූවක් ලෙස මෙම ගීතය සැලකිය හැකිය. It is the dawn of a new season. It is the season of the sun; of warmth; when all living things come to life and grow with the sun, brighter than ever.   And in this auspicious season of Sinhala-Tamil New Year of 2022, the prestigious Schools network in Sri Lanka, Lyceum International Schools revealed its beautiful product, as a tribute to all the New Years we passed and for many more to come.   Lyceum International Schools released the New ...

Read More →