ජපානයේ මරණයේ වන පෙත- මතක සටහන්. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ජපානයේ හොන්ෂු දිවයිනේ  මිසාකා  කදුකරයෙහි පිහිටි ඔකිගහරා ජුකායි වනාන්තරය ජපානයේ සිය දිවි නසා ගන්නන්ගේ  වන පියස ලෙසින් ලොව ප්‍රචලිතය.එහි  පිවිසුම් ද්වාරයෙහි ,ජපන් රජය විසින් ස්ථාපිත කර ඇති  දැවැන්ත දැන්වීම් පුව‍රුවෙහි  දක්වා ඇති සටහන කෙරෙහි ඔබ අවධානය යොමු කරලමින් මෙම ලිපිය ආරම්භ කිරීමට අදහස් කළෙමි . “ජීවිතය ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා දායාදයක් . දිවි තොර කර ගැනීමේ ඒකායන  අභිලාෂයෙන්, මෙම වන පෙතට  පිවිසි  ඔබටයි මේ සංවේදී  ආයාචනය.  වන වදුලේ  සිසිලසින්   ප්‍රමුදිතව, දැඩි ආත්ම  විශ්වාසයක් වඩවා ගෙන  නොපමාව  යළි   නිවසට   පියමන් කරනු මැන දරුව.     ”මෙම වන පියස වෙත පියමං කරන්නන්ගේ මානසික අපේක්ෂාවන්හි   ස්වභාවය,මෙම දැන්වීම් පුවරුවෙන්  මැනැවින් ප්‍රකටවේ. ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල සමීපයේ  පිහිටි ඔකිගහරා වනය.රුක් සයුර ලෙසින් ද හැදන්වෙන,අක්කර 7400ක්පුරාපැතිරි මෙම වනාන්තරය පිහිටියේ ෆූජි කදුවැටියට වයඹ දෙසින්,යමානෂි ප්‍රාන්තයේ,සයිකෝ විල ආසන්නයෙහිය. විද්වතුන් පෙන්වා දෙන්නේ සියදිවි නසා ගැනීම “ගෞරවනීය” යැයි සැලකෙන ජපානයේ  ඉපැරණි සමුරායි  සංස්කෘතිය, ඔකිගහරා වනාන්තරය වෙත ජපන් ජාතිකයින් ආකර්ෂණය කර ගැනීමට අනියම් වශයෙන්  බලපෑම් සිදු කර ඇති බවයි. වසර කිහිපයකට ඉහත,ශීත ර්තුවේමැද භාගයේ දී ජපානයේ සංචාරයක  නිරත අවස්ථාවක, දිවි තොරකර  ගන්නන්ගේ වනාන්තරයට පිවිස, එහි   තථ්‍ය ස්වරූපය රිසි සේ  දැක බලා ගැනීමට ...

Read More →