New Post Published – 36. ධර්මය අපට ලැබුනේ කොහොමද? Source:-banamaduwa 01. ධර්මය අපට ලැබුනේ කොහොමද? 02. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවේ අතිදීර්ඝ බව 03. ධර්මය හැදෑරිය යුතු පිළිවෙල සුතා – ශ්‍රවණය කළ යුතුය. ධතා – පාළියෙන් මතක තබා ගත යුතුය. වචසා පරිචිතා – පාළි වචනයෙන් නිවැරදිව උච්ඡාරණය කළ යුතුය. මනසානුපෙක්ඛිතා – වචනයෙන් වචනය අවබෝධ කර ගත යුතුය. දිට්ඨියා සුප්පටිවිද්ධා – ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුය. 04. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ සිව්පිළිසිඹියා සහිත සෝතාපන්න ව වැඩ සිටි උතුමන් වහන්සේ නමකි. 05. සිව්පිළිසිඹියා යනු විශේෂ ඥාන සතරකි. එනම්ඃ අර්ථ – ඵලය සම්බන්ධ ඥානය ය. නැතහොත් අර්ථකථාව පිළිබඳ ඥානය ය. ධම්ම – හේතුව සම්බන්ධ ඥානය ය. නැතහොත් ත්‍රිපිටකය පිළිබඳ ඥානය ය. නිරුක්ති – ඒකශතවෝහාර කුශලතා. ලෝකයේ ව්‍යවහාර භාෂා 101 ක නිවැරදි ව්‍යාකරණ දැනුම. පටිභාන – ඉහත ඥාන තුන එකට සම්බන්ධ කිරීමෙන් ලබන ක්ෂණික වැටහෙන ඥානය ය. සම්පූර්ණ දේශනාව පහත ලින්කුවෙන් ලබා ගන්න. http://aathaapi.org/dwncounter.php?number=122   ...

Read More →