දැයෙන් සමුගත් ලයනල් ප්‍රනාන්දු – නිර්මාණශීලී පරිපාලන වේදියා. – ආචාර්ය ගාමිණී කාරියවසම් නිර්මාණශීලී නොවන පුද්ගලයාට ලෝකයේ සිදුවීම් දිස්වන්නේ ඒකාකාරීවය.හේ ලොව විචිත්‍රත්වය නොදකී. සුන්දරත්වයට සංවේදී නොවේ. එවැන්නන් සිය පෞද්ගලික ජීවිතයේදී මෙන් ම , වෙසෙසින් ම වෘත්තීය ජීවිතයේදී ද කිසියම් තෘප්තියක් නොලබත්. එහෙත් නැණ නුවණ දල්වා , හෘදයාංගමව දැයේ මෙහෙවර වෙනුවෙන් කැපවන්නාවූ , විශිෂ්ටතර පුද්ගලයා , නිරායාසයෙන්ම, බුහුමනට බඳුන්වන පුද්ගලයෙක් වේ. ඔහුගේ භාවමය දිවිය මිහිරි කාව්‍යයක් වෙයි.එය අපූර්ව, ආශ්වාදනීය, පොදු ජනතාව හා සබැඳුණු දිවියක් වේ. භාවාත්මකව වර්ධනය වූ සෞන්දර්යයීය දැක්ම, ඔහුගේ මනසට වඩා හදවත පුළුල් කරවන සුළුය. සෞන්දර්යකාමී හදවතක් ඇති එබදු මිනිසුන් යළි යළිත් බිහිවනු දැකීම මුළු මහත් ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනයයි. මෙවන් ගති ලක්ෂණවලින් හෙබි, උදාර පරිපාලන වෘත්තීය වේදියෙක්, පෙර දින දැයෙ න් සමුගති. නම දුටු සැණින් මුළු රටම හඳුණන ඒ උත්තරීතර විද්වතා ලයනල් ප්‍රනාන්දු ශ්‍රීමතුන්ය. 1936 පෙබරවාරි 17 දින , මද්දුමගේ ඩික්මන් ප්‍රනාන්දු සහ ඇඩ්ලින් ෆොන්සේකා දෙමහල්ලන්ගේ පුත්‍රයෙක් ලෙසින් ලයනල් ප්‍රනාන්දු ශූරීන් උපත ලබන්නේ මහනුවරදීය. මහනුවර අම්පිටිය රෝමානු කතෝලික විදුහලෙන් මූලික ...

Read More →