ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : media.gov.lk Image Source : dailynews මෙරට ස්ථාපිත ප්‍රථම රුපවාහිනී නාලිකාව ලෙසින් අබිසෙස්  ලද ස්වාධීන රුපවාහිනී සේවයේ 45 වන ජන්ම සංවත්සරය  2024 ජුනි 05 වන දිනට යෙදී තිබිණි. ඒ නිමිති කර ගෙන  ස්වාධීන රූපවාහිනී සේවය මහ ඉහලින් සැමරුම් උත්සවයක් ද පැවැත්වූ අයුරු අප එම රුපවාහිනී නාලිකාව තුළින් ම දුටිමු. එම මොහොතේ , ස්වාධීන රුපවාහිනිය ගොඩ නැංවීම පිණිස මුල්ම යුගයේ  ,අවම පහසුකම් යටතේ ,මහත් දුෂ්කරතා විදිමින් ,මහත් කැපවීමකින්  තම ශ්‍රම දායකත්වය ලබාදුන් කාර්ය මණ්ඩලය පිළිබදව අතීතාවර්ජනයකට මසිත් යොමුවූයේ නිතැතිනි.  කෘතවේදීත්වය මුලිකව නිපන් එම සිතුවිලි සමුදාය , මෙනයින් සුවිශේෂී සටහනක්  ලෙසින්  ඔබ වෙත ඉදිරිපත් කරමි. ස්වාධීන රුපවාහිනී සේවයේ තිඹිරි ගෙය වුයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ස්වාධීන රූපවාහිනිය බිහිවීමට ආසන්න කාල වකවානුවේ, 1979 වසරේ මා ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා කාර්ය මණ්ඩලයේ ශබ්ද පරිපාලක වරයෙක් ලෙසින් සේවයෙහි නිරතව සිටියෙමි. එම යුගයේ  මට අසන්නට, දකින්නට ලැබුණු  සත්‍ය,අප්‍රකට තොරතුරු මෙම ලිපිය සැකසීම පිණිස බෙහෙවින්ම  උපස්තම්භක විය. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල රූපවාහිනිය  ආරම්භවී වසර කිහිපයක් ...

Read More →