මහා වංශය , ලෝක උරුමයක් ලෙසින් අභිසෙස් ලබයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය, ලෝක උරුමයක් ලෙස,නොබෝදා  නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු විය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී, එම පුස්තකයට අදාළ සහතික පත්‍රය,කුලපති මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා වෙත ප්‍රධානය කිරීම, යුනෙස්කෝ සංවිධානයේ  අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මිය විසින් සිදුකරනු ලැබුවාය.ඇය  ඊට අදාළ සමරු පලකයක්ද  ඇය අතින්  විවෘත විය. Image Source : newsi Image Source : newsi මහා වංශය  ලෝක උරුමයක් ලෙසින් අභිසෙස් ලබන  අවස්ථාවේ ,එම ග්‍රන්ථය පිළිබඳව ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කර, අප තරුණ පරපුර දැනුවත් කිරීමේ අධ්‍යාශයෙන් මෙවන් ලිපියක් සම්පාදනයෙහිලා මසිත් යොමුවිය.ඉලෙක්ට්‍රොනික යුගයක නව්‍ය අත්දැකීම් අතරේ දෝලනය වන අප තරුණ පරපුර ,  දේශයේ අභිමානය මතු කරන, මහාවංශය කෘතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලීම අතිශයින් ම වැදගත්ය. මහාවංශය, ශ්‍රී ලංකාවේ පුරාණ හා ගෞරවාන්විත ඓතිහාසික වාර්තාවකි. පාලි භාෂාවෙන් ලියා ඇති මෙම වංශකතාව දිවයිනේ පුරාවෘත්ත ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ මහාසේන රජුගේ පාලන සමය දක්වා වූ විස්තරාත්මක වාර්තාවක් ...

Read More →