කැළණිය ගුරුකුල විද්‍යාලීය 76 වන සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. කලාපයේ අධ්‍යාපනික හා සංස්කෘතික උරුමයන් මුල් කර ගත් සාඩම්බර ඉතිහාසයකට හිමිකම්කි යන,කැළණිය ගුරුකුල විද්‍යාලයයේ 76 වන සංවත්සරය මේ වසරේ ජුලි 01 වැනි දිනට යෙදේ . පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව,ගුරුකුල විදුහල් මාතාව උපත ලබන්නේ  1948 වසරේදී,. ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහහතර දෙනෙකුගෙන් යුක්ත  සුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. මහාචාර්ය,යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි  ගුරුකුලය ස්ථාපිත කරන්නට පුරෝගාමි වූ යතිවරයාණන්ය. මුලින්ම විදුහල ආරම් වුයේ  ඉංග්‍රීසි පාසලක් ලෙසිනි. පසුව ජාතික සංස්කෘතියට  අනුගත වෙමින්   සිංහල භාෂා මාධ්‍ය කෙරෙහි  නැඹුරු විය. අධිරාජ්‍යවාදී ආකල්පවලට වහල් නොවී බෞද්ධ  සාරධර්ම හා ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන විද්වත් පරපුරක් බිහි කිරීම ,විද්‍යාලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය.විද්‍යාලීය ආදර්ශ පාඨය ලෙස යොදාගෙන ඇත්තේ  “:පඤ්ඤා උදපාදී “ යන උත්තරීතර පාඨයයි.එනම්, ප්‍රඥාව පිළිබඳ අපගේ දැනුම දියුණු කර ගැනීමේ  අභිලාෂයයි. කුඩා ශිල්ප ආයතනයක් ලෙස ආරම්භ වූ නමුත් අධ්‍යයන විශිෂ්ටත්වය සහ සදාචාරාත්මක සංවර්ධනය වෙනුවෙන් කැපවීම නිසා  කෙටි කලකින්,ගුරුකුලය  දේශයේ ඉමහත් පිළිගැනීමක් ලද විද්‍යස්ථානයක්බ වට පත්විය. පාසල ආරම්භ වුයේ ප්‍රාථමික ...

Read More →