“Dhamsuwa Aranaya” Sil & Book Pooja – Sunday 6th August 2023 – 8.30 am to 5.00 pm ( Melbourne Event )

Map Unavailable

Date/Time
Date(s) - 06/08/2023
8:30 am - 5:00 pm

Categories


“Dhamsuwa Aranaya” Sil & Book Pooja – Sunday 6th August 2023 – 8.30 am to 5.00 pm ( Melbourne Event )

"Dhamsuwa Aranaya" Sil & Book Pooja - Sunday 6th August 2023 - 8.30 am to 5.00 pm ( Melbourne Event ) - elanka

ඇසල පුන් පොහොය සඳහා ධම්සුව ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කරන ශීල භාවනා වැඩ සටහන අගෝස්තු මස 06 වෙනි ඉරිදා උදෑසන 8.30 සිට සවස 5 දක්වා Barry Road Community Activity Centre, 36 Barry Rd, Thomastown VIC 3074 හිදී පැවැත් වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ඉහත වැඩසටහනට  සහභාගී වීමට කැමති අය, කරුණාකර පහත ඇති දුරකථනයට SMS මගින් හෝ Email ලිපිනයට ජුලි  මස 31 වෙනි සඳු දින ප.ව. 5 ට පෙර දන්වා එවන මෙන් කරුණාවෙන් ඉල්ලමු. ආසන සකස් කිරීමට සහ දාන කටයුතු සංවිධානයට එසේ දැන්වීම අතිශයින්ම වැදගත් බව අවධාරණය කරන්න.

එදින ශීල භාවනා වැඩ සටහනට සමගාමීව සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය විග්‍රහ කරමින් රචිත අට්ඨකථා සහ ටීකා සහිත ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ මාහැඟි පුණ්‍ය කර්මයටද දායක වීමට ඔබ සෑම දෙනා හට අවස්ථාවක් උදාවී ඇත. එම ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ පුණ්‍යෝත්සවය සවස 4 සිට 5 දක්වා සිදු කෙරේ. ඒ පිලිබඳ විස්තර සඳහා අමුණ ඇති පත්‍රිකාව හෝ ධම්සුව ආරණ්‍ය සේනාසනය වෙබ් අඩවිය (dhamsuwa.org.au) වෙත යොමු වන්න.

Date – Sunday 6th August 2023

Time – 8.30 am to 5.00 pm 

Venue – Barry Road Community Centre, 36 Barry Road, Thomastown

Contact – Pushpa Jayakodi 0432 154 552  |  Himali Karunasena – 0409 077 420

Comments are closed.