දිවංගත ජනාධිපති ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ 100 වන ජන්ම සංවත්සරය – By ආචාර්ය ගාමිණී කාරියවසම්
Image Source : island
2024 ජුනි 23, ශ්‍රී ලංකාවේ කීර්තිමත් නායකයෙකු වන, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 100 වැනි ජන්ම සංවත්සරය සනිටුහන් කරයි.
එතුමා පොදු ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් සුවිසල් ජන මෙහෙවරක් ඉටුකළ , මානව හිතවාදී ජන නායකයෙකි. වත්මන් පරපුරට එම ජන මෙහෙවර සිහිපත් කිරීම පිණිස, .එතුමා සමීපයෙහි දිගු කාලයක් රාජකාරියෙහි නියැලී සිටි රාජ්‍ය නිලධාරියෙක් ලෙසින් මෙවන් සටහනක් තබන්නේ මහත් කෘතවේදීත්වයෙන් යුක්තවය.
1924 දී කොළඹ දී උපත ලද ප්‍රේමදාස ශ්‍රීමතුන්ගේ ජීවිතය ජාතියේ සංවර්ධනයට ඉටුකළ දැවැන්ත මෙහෙවර, මෙවන්කෙ ටි ලිපියකට සංක්ෂිප්ත කර ගැනීම පහසු කාර්යයක් නොවේ.
ප්‍රේමදාස ළදරුවා සිය දෙමාපියන
Image Source : wikimedia
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිහතමානීව ආරම්භයේ සිට ඉහළම තලය දක්වා පැමිණි ගමන ඔහුගේ වීර්යය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ කැපවීම මනාව පෙන්නුම් කරයි. කොළඹ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හේ සමාජ සේවයට මුල් කාලයේ උනන්දුවක් දැක්වූ අතර එය පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට පරිවර්තනය විය.සුචරිත ව්‍යාපාරය සාරධර්මවලින් පෝෂිත දිවි පෙවෙතකට ,දරු පරපුර යොමුකරවීමේ අධ්යාශයෙන් ස්ථාපිත වුයේ එතුමාගේ සමීප අධීක්ෂණය යටතෙහිය. ප්‍රාදේශීය ප්‍රජාවට, විශේෂයෙන්ම අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවලට සම්බන්ධ වීම, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ සමානාත්මතාවය කේන්ද්‍ර කරගත් එතුමාගේ දේශපාලන සදාචාරයට අඩිතාලම දැමීය.
එතුමා හේමා ප්‍රේමදාස ආර්යාව සහ දුලාංජලී ,
සජිත් දෙදරුවන් සමග
Image Source : Ziyath Gaffoor Facebook
එතුමාගේ දේශපාලන ජීවිතය ඉතා උනන්දුවෙන් ආරම්භ වූයේ ඔහු 1940 ගණන්වල අගභාගයේදී එක්සත් ජාතික පක්ෂයට (එජාප) බැඳීමෙන් පසුවය. 1950 දී කොළඹ මහ නගර සභාවට තේරී පත් විය.. පළාත් පාලන මට්ටමින් ඔහු ලැබූ ජයග්‍රහණ ඔහුව ජාතික දේශපාලනයට යොමු කළ අතර 1960 දී පාර්ලිමේන්තුවට තේරී පත් විය.
Image Source : silumina
1978 සිට 1989 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, 1989 සිට 1993 දී ඝාතනය වන තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙසත්එ තුමන් ජාතික ආගමික සංස්කෘතික හා සමාජයීය වශයෙන් ප්‍රශස්ත මට්ටමක සේවාවක් ඉටු කළේය. තත් ධුර කාලය ආර්ථික සංවර්ධනය සහ සමාජ සුබසාධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අයුරු මැ නවින් සංලක්ෂිත වේ . සමාජයේ දිළිඳු කොටස්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වූ යුගයක් ලෙස ඉතිහාසයේ සනිටුහන්වේ.එතුමාගේ වඩාත් කැපී පෙනෙන දායකත්වයක් වූයේ ග්‍රාමීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ “ගම් උදාව” (ගම පිබිදීම) වැඩසටහනයි. මෙම මුලපිරීම යටතේ නිවාස, පාසල්, සෞඛ්‍ය සායන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම්වලින්ස මන්විත නව ගම්මාන ඉදිකරන ලදී. මෙම වැඩසටහන බොහෝ ග්‍රාමීය පවුල්වල ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ අතර දුප්පතුන් නඟා සිටුවීම සඳහා කැපවීම මනව්න් විද්‍යාමාන විය.
එතුමන් කලාකරුවන් සමීපයෙන් ඇසුරු කළේය. ඔවුනගේ අභිවෘද්ධිය ,යහපැවැත්ම වෙනුවෙන් සැලසු සහනයන් අපමණය. තට්ටු නිවාස, නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය විවෘත වන අවස්ථාවන්හිදී කලාකරුවන්, මාධ්‍ය වෙදීන් වෙනුවෙන්නි වාස කිහිපයක් වෙන්කර දීමට එතුමා කාරුණික විය. ගල්කිස්සේ කලාපුරය නිපන්නේ ද ,එතුමාණන් තුළ,කලා ශිල්පීන් වෙනුවෙන් පැවති අනූපමේය ලෙන්ගතුකම නිසාමය.
1978 ඔක්තෝම්බර් 10 වන දින අංක 01 දරන ටවර් හෝල් රග හල පනත පාර්ලිමේන්තු ගත කිරීම ද එතුමා විසින් දේශීය ලාවන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් සේ සැලකේ. මෙමගින් දේශීය සම්ප්‍රදායික නාට්‍ය කලාවේ උන්නතිය,පෝෂණය සහ ටවර් හෝල් යුගයේ කලා ශිල්පීන්ගේ අභිවෘදිය සැලසීම එතුමාගේ ඒකායන අපේක්ෂාව විය.
Image Source : Sajith Premadasa Facebook Page
කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ව්‍යාපෘති ආරම්භ කරමින් එමඟින් දහස් ගණනකට දැරිය හැකි මිලකට නිවාස ලබා දුන්නේය. නාගරික නවීකරණය සහ නිවාස සඳහා එතුමන් දැරූ උත්සාහය ඔහුට පුළුල් පිළිගැනීමක් සහ ඇගයීමක් ලබා දුන්නේය.
Image Source : lankanewsweb
දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සමඟ සිවිල් යුද්ධය සහ ජවිපෙ දෙවන කැරැල්ල මගින් සනිටුහන් වූ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකදී හේ පසුනොබා රටඉදිරියට මෙහෙයවීමට කාර්ය ශුර්ය විය.. මෙම අභියෝග මධ්‍යයේ වුවද, එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා වූ තම දැක්මෙහි නොසැලී සිටියේය.
එතුමාගේ ජනාධිපති ධූරය ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමේ උත්සාහයන් සපලමත් විය. හේ ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත්, රටේ ආර්ථික වර්ධනයට තීරණාත්මක වූ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් උත්සාහ කළේය.
1993 මැයි 1 වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින්ඛේදජනක ලෙස,මෙතුමන් ඝාතනය කරනු ලැබිණි.
Image Source : dailymirror
කෙටි ජීවිත කාලයක් තුළ එක් පුද්ගලයෙක් ,ජාතියක් වෙනුවෙන් මෙතරම් විසල් කාර්යභාරයක් ඉටු කළේ කෙසේද යන්න ඇතමෙකුට අදහා ගැනීම පවා අසීරු වනු නිසැකි.
ප්‍රේමදාස ජනපතිඳුන්ගේ 100 වැනි ජන්ම දිනයේ දී,එතුමන් වෙතින් අප දේශයට ඉටු වූ සුවිසල් මෙහෙවර විමසා බැලීම පිණිස සැකසූ මෙම ලිපිය,එතුමන්ගේ දුරදක්නා තීක්ෂණ නුවන විශද කරවන නිර්මාණයක් පිළිබඳව සනිටුහන් කරමින් සමාප්ත කිරීමට අදහස් කළෙමි.
ප්‍රේමදාස ජනපතිදුන් දළදා වහන්සේ වෙත රන් වියනක් සැලසුම් කලේ හුදු භක්තිය හා අලංකාරය සදහා පමණක් නොව දළදා වහන්සේගේ මතු ආරක්ෂාව සැලකිල්ලට ගෙනය. ත්‍රස්තවාදීන් දළදා මාලිගය වෙත දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ, වරිච්චි බිත්තියෙන් නිමවා තිබූ,දළදා වහන්සේ වැඩ සිටි කුටිය ආරක්ෂා වූයේ, රන් වියන දරා සිටි දැවැන්ත කොන්ක්‍රීට් කණු, බෝම්බයේ කම්පනය දරා ගෙන ආරක්ෂක පලිහක් ලෙසින් පැවතීම නිසා බැව් ආරක්ෂක අංශයන්හී නිගමනය විය
එපමණක් ද නොව රන් වියන නිර්මාණය කලේ ,දළදා මාලිගයේ උළු වහලය උඩවත්ත වන පෙත සිට නිරන්තරයෙන් පැමිණෙන වදුරන් ගෙන් ආරක්ෂා කර දීමේ වැදගත්කම ද සැලකිල්ලට ගනිමින් බව අපට මෙහිදී සිහිපත් වේ.
ආචාර්ය ගාමිණී කාරියවසම්